ශ්රී ලංකාව මුහුණදෙන අවදානමක් ගැන අලුත්ම කතාබහක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද UAE කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජයගැනීමට ශ්රී ලංකාව සමත්විය.
ඒ සමඟ A කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්රී ලංකාව සමත්ව ඇත.
A කාණ්ඩය යටතේ අද පෙරවරුවේ පැවති තරගයෙන් නැමීබියාව පරාජය කරමින් කඩුළු 5ක ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණි.
ඒ අනුව A කාණ්ඩයේ තරග 4ක් අවසානයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තය සමත්ව සිටී.
ශ්රී ලංකා කණ්ඩායමට සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට නම් එළඹෙන බ්රහස්පතින්දා නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගය නියත වශයෙන් ම ජයගත යුතු බව විචාරක මතයයි.
යම් හෙයකින් එම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් ශ්රී ලංකා කණ්ඩායමට සුපිරි 12දෙනාගේ වටයට පිවිසිමේ අවස්ථාව අහිමි වන බවද ක්රිකට් විචාරකයින් වැඩිදුරටත් සඳහන් කර සිටී.