වැලිකන්ද සුසිරිගම ක්‍රීඩාංගනයට ක්‍රීඩාකරන්න පැමිණ අලි රංචුවක් ?

වන අලි රංචුවක් පොළොන්නරුව වැලිකන්ද සුසිරිගම ක්‍රීඩාංගනයට ක්‍රීඩාකරන්න පැමිණ තිබේ.

වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි සුන්දර සුසිරිගම ගම්මනය තුළ පවුල් 850 ක් පමණ ජීවත්වන අතර මෙම ගම්මානයට නිරන්තරයෙන් වන අලි කඩා වැදී දේපොළ සහ ගෙවතු වගාවන් විනාශ කරන බව සුසිරිගම ගම්වැසියන් පවසයි. සෝමාවතිය රක්ෂිතයට මායිම්ව පිහිටි මෙම ගම්මානයට කඩාවදින වන අලින් සුසිරිගම ක්‍රීඩාංගනයේ ආරක්ෂිත වැටද කඩා බිඳ දමා හානි කර තිබේ.

ගම්මානයට කඩා වදින වන අලින්ගෙන් නිවාසවලට සහ වගාවන් ඇතුලු‍ මිනිස් ජිවිතවලටද විශාල තර්ජනයක් වී ඇති බැවින් වහාම මෙම තත්වයෙන් ගම්මානය ආරක්ෂා කර දෙන ලෙසට ගම්මුන් අදාළ බලධාරීන්ගෙන් කොතෙක් ඉල්ලීම් කර තිබුණද මෙතෙක් කිසිඳු පිළියමක් යෙදී නැත.

ඇලහැර – සරත් නිශ්ශංක

Leave comment

Your email address will not be published. Required fields are marked with *.