කොළඹ අමුතු ජාවාරමක් ගැන හෙළිදරව්වක්

නීතිවිරෝධී ලෙස කාන්තාවන් ඩුබායි රාජ්‍යය වෙතට යොමුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් කොළඹ ආමර්වීදිය ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙම ජාවාරම්කරුවන්ට හසුවී ඩුබායි රාජ්‍යය වෙත ගොස් අනතුරුව ආබාධිතව නැවත මෙරටට පැමිණි කාන්තාවක් විසින් මෙම හෙළිදරව්ව සිදුකරයි.

අදාළ සිදුවීමට මුහුණදී ඇත්තේ ආමර්වීදිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය තිදරු මවකි.

එම කාන්තාව චෝදනා කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇය විසින් සියලු පාර්ශව දැනුවත් කළද මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටය.

මේ අතර අදාළ කාන්තාව විසින් වැඩිදුරටත් හෙළිදරව් කළේ මෙලෙස සංචාරක වීසා ඔස්සේ ඩුබායි වෙත යවන කාන්තාවන් එරටදී ගණිකා වෘත්තීයට අලෙවි කිරීමක් ද සිදුකරන බවය.

අවසානයේ ජාවාරම්කරුවන්ගෙන් බේරී පලායාමට ගත් උත්සාහයකදී ඇයට සිය පාදයක් ද අහිමිව ඇත.

එම කාන්තාව හෙළිකළ සංවේදී කතාව ඉහතින්.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.