ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ රතු නිවේදන..

පවතින වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය,වලල්ලාවිට,පාලින්ද නුවර සහ බුලංත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ. 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ,රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ ,හොරණ,බණ්ඩාරගම ,මිල්ලනිය ,මතුගම සහ අගලවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන කාණ්ඩයේ අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙ කළවාන,රත්නපුර,නිවිතිගල,කිරිඇල්ල,අයගම,ඇහැලියගොඩ,කුරුවිට,සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් දෙවන කාණ්ඩයේ නායයාම් අනතුරු ඇඟවීම නිකුත් කෙරිණ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.