මිනිස්සු අල්ලගත්ත අලිමංකඩ 16 ක් යළිත් අලින්ට දිමට සැලැස්මක් ..

මේ වන විට ලංකාවේ ප්‍රධාන අලිමංකඩ 16 ක් තිබෙන අතර එම සියලු අලිමංකඩ මිනිස් ක්‍රියාකාරකම් නිසා අලින්ට අහිමි වී ඇති බවත්, එම නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වී තිබෙන ප්‍රදේශවල ඇති අලිමංකඩවල පදිංචි පුද්ගලයන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබුණි

ඇමතිවරයා මේ බව පවසා තිබුනේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් සමඟ තළ සාකච්ජාවකදිය.
ජනතාව අලිමංකඩ ග්‍රහණයට ගැනීම නිසා විශාල වශයෙන් ජීවිත හානි මෙන්ම වගා හානි ද සිදුවන බව මෙහිදී වනජීවී නිලධාරීන් ඇමැතිවරයාට පෙන්වා දී ඇත.

අලි මිනිස් ගැටුමට එය ප්‍රධාන හේතුව වී තිබෙන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

2024 වන විට එම අලිමංකඩ 16 ම ජනතාවගෙන් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් ඊට විකල්ප වශයෙන් ජනතාවට පදිංචිවීමට වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා මෙහිදී වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇත.

මුලාශ්‍රය – දිවයින

Leave comment

Your email address will not be published. Required fields are marked with *.