ත්‍රිරෝද රථවලට ලැබෙන ඉන්ධන කෝටාවේ වෙනසක්

ත්‍රිරෝදවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමක් ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, මුජිබර් රහුමාන් මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමිනි.

“පසුගිය සතියේ ජනාධිපතිවරයා දැනටමත් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදීලා තියෙනවා ලියාපදිංචි කළ ත්‍රීරෝද රථ සියල්ල අපි බලාපොරොත්තු වෙනවා සතියක් වගේ කාලයක් මම හරියටම දින වකවානු කියන්නේ නෑ. අපි බලන්නේ උපරිම සති දෙකක් තුළ මේ කටයුත්ත කරන්න. නමුත් අපි බලනවා මේ සතියේ අවසන් කරගන්න පුළුවන් වුණොත් ලේඛන ටික හදාගන්න වැඩි කාලයක් යන්නේ නෑ. නමුත් ඒවා නැවත වතාවක් QR කෝඩ් එකට ඇතුළත් කරන්න ඕනේ. ඒකට ඩේටා ටික ඇතුළත් කරගන්න ඕනේ. ලක්ෂ 3ක් විතර වගේ තියෙනවා. දැනට අපි පෞද්ගලික බස්රථ එහෙම කරගෙන යනවා. ඒ නිසා ත්‍රීරෝද රථ ඒ වගේ කරගෙන යනවා. ඊට පස්සේ ඔවුන්ට අමතර කෝටාවක් ලබාදීමට අපි කටයුතු කරනවා. 

ඒ වගේම අපි ත්‍රීරෝද රථවලින් ඉල්ලන්න ඕනේ අපි දැන් අවස්ථා තුනක දී අපි දැන් පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. රු 100කින් අඩුකරලා තියෙනවා. රු 40කින් ඊයේ අඩුකරා. ගිය සති දෙකකට කලින් රු 40කින් අඩුකරා. ඊට සති දෙකකට කලින් රු 20කින් අඩුකරා. ඒ අනුව පෙට්‍රල් මිල අඩුවීමේ ප්‍රතිලාභයත් ජනතාවට ලබාදිය යුතුයි කියන යෝජනාවත් මේ වෙලාවේ කරනවා. ඔබතුමන්ලාගේ වෘත්තීය සමිති පැත්තෙන් ඒ ඉල්ලීම කරන්න කියන ඉල්ලීමත් කරනවා.”

Leave comment

Your email address will not be published. Required fields are marked with *.